ඉදිරි පැය 48ක කාලය සඳහා කළු ගඟෙහි කුඩා ගඟ උප දෝණිය සම්බන්ධයෙන් සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශ වලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගංගා ජල මාපකවල ජල මට්ටම් සහ වර්ෂා දත්ත විශ්ලේෂණයට අනුව, බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.
මේ හේතුවෙන් කුඩා ගඟ සහ මගුර ගඟ අවට පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්, වාහන රියදුරන් සහ ගංගා ආශ්‍රිත ප්‍රදේශ භාවිත කරන ජනතාව දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
