Advertisements

“ජාතික හැඳුනුම්පත් අංකය අනිවාර්යයි” විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීම අනිවාර්ය කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උක්ත විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වීමට පෙර තම ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ වගකීමක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2026 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට යෝජිත 2026 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් දැනුම් දී ඇති බවද සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest