වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළ⁣ට

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) පස්වරුවේ හටගත් හදිසි ගින්නෙන් මියගිය ගණන ඉහළ⁣ ගොස් ඇත.

මෙම වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 51දෙනෙකු පමණ නිරුපද්‍රිතව බේරාගෙන ඇති අතර මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්ථානයක් වෙත යොමුකර ඇත.

මෙම ගින්නෙන් තුවාල ලැබු 7දෙනෙකු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.

ගිනිනිවීමේ භටයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් එම මධ්‍යස්ථානයට විශාල හානියක් සිදුව ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments