වත්මන් රජයට රට කරවීමට නොහැකි නම් එය විපක්ෂයට භාරදිය යුතු බවත් පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ හැකියාව පවතින්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත සඳහන් කරයි.
එනිසා රට ගොඩ ගන්න පුළුවන් එකම කෙනා රනිල් වික්‍රමසිංහ බවත් ආර්ථිකය ගොඩදාපු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට දාගෙන එතුමගේ මේ අවසාන කාල පරිච්ඡේදය තුළ වැඩක් ගන්න ඕන බවද ප්‍රේමනාත් සී. දොලවත්ත සඳහන් කරයි.
අනතුරුව සජිත් ප්‍රේමදාස ප්‍රධාන විපක්ෂයේ නායකයා ලෙස අගමැති වෙන්න පුළුවන් බවත් නාමල් රාජපක්ෂට සහ දිලිත් ජයවීරට එන්න කියලා ඇමතිකම් ගන්න පුළුවන් බවද ප්‍රේමනාත් සී. දොලවත්ත සඳහන් කරයි.
ප්‍රේමනාත් සී. දොලවත්ත සඳහන් කළේ,
“අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වා අවුරුදු එකහමාරක් ඇතුළත කරගන්න බැරි උනොත් මේක දාලා යනවා කියලා. දැන් පැහැදිලියි මේක කරගන්න බෑ. එතකොට මේක විපක්ෂයට දෙන්න ඕනේ මේක කරන් යන්න.
මේ කොට අඳින්න පුළුවන්, මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න පුළුවන් එකම කෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපි කියන්නේ ආර්ථිකය ගොඩදාපු කෙනාව පාර්ලිමේන්තුවට දාගෙන එතුමගේ මේ අවසාන කාල පරිච්ඡේදය තුළ වැඩ ගන්න.
ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රධාන විපක්ෂයේ නායකයා. එතුමාට අගමැති වෙන්න පුළුවන්. නාමල් රාජපක්ෂ මහත්තයටයි, සර්ව ජන බලවේගයේ දිලිත් මහත්තයටයි, තව කවුරු හරි පක්ෂවල ඉන්න අයට එන්න කියලා ඇමතිකම් ගන්න. ඇමතිකම්, අගමැතිකම් අරගෙන මේ කැබිනට් එකේ වැඩ කරලා පෙන්වන්න. මේ රට හදලා පෙන්වන්න.”
