ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ අලුතින් පත් වූ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao (04) වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.
මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා සහ චීන ආරක්ෂක උපදේශකවරයා අතර ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
