රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් අද (08) දින පෙරවරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සූදානම්ව සිටියි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පසුගිය පෙබරවාරි (25) වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියි.
මේ අතර ඊයේ (07) දින රාත්‍රියේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළේය.
සුරේෂ් සලේ හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමඟ රෝහල සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කරන්නේ ඇත්තටම සුරේෂ් සලේ වෙනුවෙන්ද.? එසේත් නැතිනම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ද.? ගෝඨාභය රාජපක්ෂ රැකගැනීම වෙනුවෙන් ද.? ගෝඨාභය අත්අඩංගුවට ගනීවී කියා තිබෙන බයටද.?
