පාස්කු ප්‍රහාරය සම්බන්ධව මාව අත්අඩංගුවට ගන්න එපා

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිදුකරන විමර්ශන වලට අදාළව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලෙස පොලිස්පතිවරයා,  නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. 

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest