Advertisements

සලේ පාස්කු ප්‍රහාරයේ මොළකරු බව හෙළිවෙද්දි විමල් සත්‍යග්‍රහය අවසන් කරයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් පැවැත් වූ සත්‍යග්‍රහය අවසන් කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රමුඛ  කණ්ඩායම තීරණය කර ඇත.

පාස්කු ප්‍රහාරය සිදුකිරීමට සුරේෂ්⁣ සලේ ඉස්ලාම් අන්තවාදීන් උපක්‍රමශීලීව යොමු කරමින් කුමන්ත්‍රණය කළ බවට සාධාරණ සහ යුක්ති සහගත ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වු බව අමාත්‍ය ආනන්ද විජේපාල අද (10) පාර්ලිමේන්තුවේදී හෙළිකිරීමත් සමඟ මෙම සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කර ඇත.

Advertisements
4 Comments
Most Voted
Newest Oldest