Advertisements

සලේගේ අමාරුව හොයන්න පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය අද (10) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව සුරේෂ් සලේට අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් අද (10) දින පත්කර ඇත.

කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය ලබාදී ඇත.

එම වෛද්‍ය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසත් එම වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest