පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුව ගොනුකර ඇත.
අදාළ නඩුව අද (12) දින ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩරගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අනුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවේ තීන්දුව ජුලි මස (31) වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත.
එම නඩුවේ වාචික හා ලිඛිත දේශන මේ වන විට පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කර අවසන් කර ඇත.
