මැදපෙරදිග යුද ගැටුම් අවසන් කිරීම සම්බන්ධව ඉරානය සහ අමෙරිකාව අතර යෝජිත සාම ගිවිසුමට අත්සන් තබන දිනය සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත.
අද දිනයේ ඉරානය සහ අමෙරිකාව අතර සාම ගිවිසුමට අත්සන් තැබීම සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර තිබුණේය.
එහෙත් අද දිනයේ සාම ගිවිසුමට අත්සන් තැබීම සිදු නොවන බවත් එය ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් අමෙරිකාව සමඟ ගිවිසුමකට එළඹීමේ සූදානම සම්බන්ධයෙන් ඉරාන දැඩි මතධාරීන් විසින් ඉරාන රජයට අප්‍රසාදය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වය හමුවේ අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුම අත්සන් තැබීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර ඇත.
