සලේගේ කොම්පියුටර් එකේ Password එක ඉල්ලනවා.. මේ හදන්නේ ලෝකයට විවෘත කරන්න

සුරේෂ්⁣ සලේගේ කොම්පියුටර් එකේ තියෙන Password එක ඉල්ලන බවත් ඒකට අත තියනවා කියන්නේ මේ රටේ සම්පුර්ණම යුද්ධයට සම්බන්ධ සියලු කාරණා ලෝකෙටම විවෘත කරන වැඩපිළිවෙලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

මහනුවර පැවති හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ,

“දැන් මේ සලේගේ ක්‍රියාවලිය ගත්තාම තමුන්නාන්සේලා දන්නවා ඔහුව අත්අඩංගුවට අරගෙන, ඔහුගෙන් කටඋත්තර අරගෙන, ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැඩකටයුතු කරලා තියෙනවා නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ඒක ගැන කිසි ගැටලුවක් නෑ.

හැබැයි දැන් මොකක්ද කියන්නේ. දැන් කියනවා සලේගේ කොම්පියුටර් එකේ මුරපද (password) ටික දීපන්. මේ මොකක්ද කියන්නේ. මේ ඉතිහාසේ, මේ යුද්ධය අවසන් කරනකොට බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියාගේ කොම්පියුටර් එකේ තියෙන්න පුළුවන් 2009 යුද්ධය අවසන්වනතුරු ගත්ත, තමුන්නාන්සේලා දන්නවා තමිල් සෙල්වම් මරාදාන්න ඒ බුද්ධි තොරතුර ආවේ සලේගේ කොම්පියුටර් එකෙන්.

ඒ ආපු දිගදුර විහිදුම් බලකායවල් ගිහිල්ලා කරපු ක්‍රියාදාමය සිද්ද කෙරුවේ එතනින්. හැබැයි ඒකට අත තියනවා කියන්නේ, මතක තියාගන්න මේ රටේ සම්පුර්ණම යුද්දෙට සම්බන්ධ වෙච්ච සියලු කාරණා ලෝකෙටම ඕපන් කරලා නැත්තම්, විවෘත කරන වැඩපිළිවෙල. මේක තමයි ක්‍රියාත්මක කරන්නේ.”

Advertisements
Advertisements
4 Comments
Most Voted
Newest Oldest