අද (16) දින සිට ප්‍රදේශ රැසකට පැය 19ක කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
අත්තනගල්ල, කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ සිදුකෙරෙන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව අද (16) පෙ.ව. 8.00 සිට හෙට (17) පෙ.ව. 3.00 දක්වා පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
*ගම්පහ කලාපය – ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශය, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල හා ඒ අවට ප්‍රදේශ
*මිනුවන්ගොඩ කලාපය – මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පොළ, ඕපාත සහ ඒ අවට ප්‍රදේශ
*මහර කලාපය – මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මාහරගම, සිවුරළුමුල්ල, කිරිකිත්ත, කිනිගම, ඇටිකෙහෙල්ගල්ල සහ ඒ අවට ප්‍රදේශ
*අත්තනගල්ල කලාපය – රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොල, අත්තනගල්ල, බටලීය, වතුපිටිවල සහ ඒ අවට ප්‍රදේශ
*නිට්ටඹුව කලාපය – නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන, තිහාරිය, නයිවල සහ ඒ අවට ප්‍රදේශ
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කරයි.
