ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ අලුතින් පත් වූ ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao (15) නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි සිය කාර්යාලයේදී හමුවිය.
මෙම සාකච්ඡාව අතරතුර, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ චීන ආරක්ෂක උපදේශකවරයා අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි පුහුණු කටයුතු සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් චීනය ලබා දෙන දිගුකාලීන ආරක්ෂක සහයෝගීතාව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කළේය.
ශ්‍රී ලංකා හමුදාව ගොඩබිම් ආරක්ෂක ක්‍රියාන්විත වලට පමණක් සීමා නොවී, මුහුදු සීමා ආරක්ෂක කටයුතු පිළිබඳ අවබෝධය (Maritime Domain Awareness) වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටින බව පෙන්වා දුන් ඔහු, රටේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය උදෙසා වන කැපවීම ද යළිත් සහතික කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ වෙළඳාම සහ තැනැත්තන් වෙළඳාම මැඩපැවැත්වීම සඳහා වන සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම මෙන්ම, උසස් තාක්ෂණය ඒකාබද්ධ කිරීම, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ ආපදා කළමනා කරණය ඇතුළු අනාගත සහයෝගීතාවන් සඳහා වන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව දෙපාර්ශවයම මෙහිදී සාකච්ඡා කළහ.
