චීනයේ ප්‍රබල භූකම්පනයක්

චීනයේ චින්හයි ප්‍රාන්තයේ හයිසි ප්‍රදේශයට රික්ටර් පරිමාණ 6.3ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරකින් සිදුව ඇති අතර එම භූකම්පනයෙන් පසුව රික්ටර් පරිමාණ 5.0ක පමණ ප්‍රබලතාවයෙන් යුත් පසු කම්පන කිහිපයක් ද හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් කිසිවක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest