ට්‍රම්ප් G7 සමුළුවේදී “I’m the boss” කියයි

ලොව බලවත්ම රටවල් හතේ නායකයින්ගේ සමුළුව (G7) අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක නායකයින් ඉදිරියේ “I’m the boss” යනුවෙන් ප්‍රකාශ කරමින් යුක්‍රේනය වෙත සිය සහයෝගය පළකර ඇත.

යුද පිටියේදී යුක්‍රේනය ලබා ඇති ප්‍රගතිය අගය කරමින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට සහ යුක්‍රේනයට එක්සත් සහයෝගයක් ලබා දීමට G7 නායකයෝ එකඟතාවකට පැමිණ ඇත.

වසර ගණනාවක් යුක්‍රේනය කෙරෙහි සැක සහිත ආකල්පයකින් පසුවූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මේ වනවිට සෙලෙන්ස්කිගේ තර්කයන්ට එකඟ වෙමින් රුසියාව සම්බන්ධයෙන් වඩාත් දැඩි ස්ථාවරයක් වෙත පැමිණ ඇති බවට සමුළුවේ නායකයින්ගේ අදහස්වලින් පැහැදිලි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සමුළුව ආරම්භ වීමට ආසන්න දිනකදී අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් තැබුණු මූලික සාම ගිවිසුම මෙහිදී G7 නායකයින්ගේ ඇගයීමට ලක්විය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest