ඉරාන – අමෙරිකා සාම ගිවිසුම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) උදෑසන වන විට තවදුරටත් පහත වැටී ඇත.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 1.12%කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 78.66ක් ලෙස සටහන්ව ඇත.
WTI බොරතෙල් බැරලයක මිල 1.28%කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 75.81ක් ලෙස සටහන්ව ඇත.
