Advertisements

යුද ගැටුම් අවසන්.. ඉරාන – අමෙරිකා ගිවිසුමකට අත්සන් කරයි

මැදපෙරදිග දරුණු යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී ජනාධිපති ට්‍රම්ප් ඊයේ (17) දින මෙම ගිවිසුමට අත්සන් තැබූ බව අමෙරිකානු නිලධාරියෙක් තහවුරු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව එකඟතාවයත් සමඟ ඉරාන යුද්ධය නිල වශයෙන් අවසන් වන අතර ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ නැවත විවෘත කිරීමට සහ ඉරාන තෙල් අපනයනය සඳහා පනවා තිබූ අමෙරිකානු සම්බාධක ඉවත් කිරීමට නියමිතය.

මේ අතර දෙපාර්ශවය අතර ඇති කරගත් කරුණු 14කින් යුත් එකඟතාවයත් සමඟ දින 60ක සාකච්ඡා කාලසීමාවක් ආරම්භ වන අතර එහි පළමු පියවර ලෙස “හෝමුස් සමුද්‍ර සන්ධිය” හරහා කිසිදු බදු අය කිරීමකින් තොරව තෙල් සහ ගෑස් ප්‍රවාහන නෞකාවලට ගමන් කිරීමට ඉරානය ඉඩ ලබා දෙනු ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest