වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් මත ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල්වලින් පාරිභෝගිකයින්ට මෙම භාණ්ඩ සහන මිලට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.
*සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 196කි.
*පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 6කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 229කි.
*දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 234කි.
*සුදු කැකුළු සම්බා සහල් කිලෝවක් රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 235කි.
*සම්බා රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 224කි.
*දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 204කි.
*ලොකු කඩල කිලෝවක් රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 339කි.
*පාන් පිටි කිලෝවක් රුපියල් 10කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 159කි.
*සුදු සීනි කිලෝවක් රුපියල් 2කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 217කි.
