නීතිපතිවරයා විසින් කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධව තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්රය ප්රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිරදඬුවම් නියම වී සිටින හිටපු ඇමති නලින් ප්රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම පී. කුමාරන් රත්නම් සහ ප්රදීප් හෙට්ටිආරච්චිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවයි.
අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන (25) වනදා දක්වා කල් තැබූ අතර එදින මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරිමට නියමිතය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 39ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ඇමති නලින් ප්රනාන්දුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත.
