වත්මන් ආණ්ඩුවට විරුද්ධව වඩාත්ම ශබ්ද නඟා කෑගසන්නේ රට තුළ මහා පරිමාණ වංචා සිදුකළ ලොකුම හොරු ටික බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර බබෙක් නොවන බවත් පසුගිය පාලන සමයන්හි සිදුවූ වංචාවන් පිළිබඳව ඔහු සියල්ල දන්නා බවද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සඳහන් කරයි.
රාජ්‍ය ප්‍රතිපාදනවලින් වංචනික ලෙස මුදල් ලබාගත් ආකාරය පිළිබඳව ඔවුන්ම හොඳින් දන්නා බවත් එවැනි වංචනික පසුබිමක් සහිත පුද්ගලයන් තවත් පිරිසක් එකතු කරගෙන දේශපාලන රැස්වීම් පවත්වමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
එනිසා රට තුළ මහා පරිමාණයෙන් වංචා සහ දූෂණ සිදුකළ සියලුම පුද්ගලයන් ඉදිරි කාලයේදී නීත්‍යානුකූලව සහ නිසි නීති රාමුවක් ඇතුළත අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සඳහන් කළේ,
“අපි පැහැදිලිව කිව්වා, ඔය කෑගහන කට්ටිය කෑගහනකොට ලොකුම හොරු ටික තමයි කෑගහන්නේ කියලා. ඔය හැමෝගෙම හොරකම් තියෙනවා. වංචා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා පඩි දෙකක් ගත්තා කියලා.”
“සුගීෂ්වර කියන්නේ බබෙක් නෙමෙයිනේ. සුගීෂ්වර කියන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්නේ. ඒ නිසා ඔය බබා දන්නවා හොරකම් කරපු විදිහ. බබා හොරකම් කරපු විදිහ දන්න හින්දා තමයි තව බබ්බු ටිකක් එකතු කරගෙන දැන් පොළොන්නරුවෙත් ඔය ජාතියේ බබෙක් ඉන්නේ.”
“මම දැක්කා ඊයේ එයා ඇතුළට යනකොට මෙහෙන් රත් වෙලා, පස්ස පැත්ත රත් වෙලා කෑගහනවා. ඒගොල්ලෝ හොරකම් කරපු එක ඒගොල්ලෝ දන්නවා. ඒ හොරකම් කරපු ටික වසාගන්න දැන් ඇවිල්ලා මේ ආණ්ඩුව හොරකම් කරනවා කියලා කෑගහනවා.”
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මේ බව සඳහන් කරයි.
