අද (23) දින අලුයම මොරගහහේන, කෝරලයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවක සේප්පුවක් කඩා පුද්ගලයින් තිදෙනෙකු එහි තිබූ රන් ආභරණ තොගයක් රැගෙන පලාගොස් ඇත.
ඔවුන් අලුයම 1.00ට පමණ බැංකු පරිශ්‍රයට ඇතුළු වී එහි සිටි ආරක්ෂක නිලධාරීන්ව බැඳ දමා බැංකුවේ පිටුපස පිහිටි නාන කාමරයෙහි ජනේලයෙන් බැංකුව තුළට ඇතුළු වී ඇත.
අනතුරුව මෙම පුද්ගලයින් එහි තිබූ සේප්පුව කඩා ඒ තුළ සුරක්ෂිතව තිබූ රන් ආභරණ සොරාගෙන මෙලෙස පලාගොස් ඇති බව වාර්තා වේ.
සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
