මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් කළු, කැලණි සහ අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවදානම් මට්ටම පැමිණ ඇති බව එහි ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශය අධ්යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
