Advertisements

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්

එළඹෙන 2027 වසරේ සිට රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා නව විධිවිධාන හා උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ අදහස් හා යෝජනා මෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලකිල්ලට ගනිමින් මෙම නව චක්‍රලේඛය සකස් කර ඇත.

සෑම වසරකටම අදාළව රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛ උපදෙස් නිකුත් කරන අතර අධ්‍යාපනය සඳහා සමාන හා සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු කිරීම, ක්‍රියාවලියේ විනිවිදභාවය වැඩි කිරීම සහ අක්‍රමිකතා අවම කිරීම මෙම නව ක්‍රියාමාර්ගයේ අරමුණ වේ.

ඒ අනුව 2027 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ නව උපදෙස් මාලාව නිකුත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest