ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මැදිහත්වීමෙන් පොදු බස් රථ සේවාවේ නිරත වෙන රියදුරුවරුන්ගෙ සහ කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ශා කිරීමේ වැඩසටහන් පසුගිය මාස කීපයේම ක්‍රියාත්මක කළේය.
ඒ අනුව එවැනිම වැඩසටහනක් අද (23) දිනයේත් මහරගම නගරයේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිළධාරීන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කළේය.
මේ ජංගම පරීක්ෂාවට, ලංකා ගමනාගමන මණ්ඩලයේ හා බස්නාහිර පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බස්රථවල රැකියාවේ නිරතවෙන රියදුරු, කොන්දොස්තරවරුන්ගේ මුත්‍රා සාම්පල් ලබාගැනීම සිදු කළේය.
අනතුරුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයෙක්, සහ ජංගම රථයේ රසායනාගාර කාර්යය මණ්ඩලයේ මැදිහත්වීමෙන් එම මුත්‍රා සාම්පල් නිවැරදි ආකාරයට පරීක්ෂා කළේය.
උදේ 9.00ට ආරම්භ කල මෙම වැඩසටහන දවල් 12.00 විතර වෙනකොට 200 දෙනෙක්ගේ මුත්‍රා සාම්පල් සම්පූර්ණම පරීක්ෂා කළ අතර එහිදී 200 දෙනා අතර මත්ද්‍රව්‍ය භාවිතා කළ 13 දෙනෙක් අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ පරීක්ෂණ අවසන් කර, එම පරීක්ෂණ වලින් තහවුරු වූ පසුව නඩු පවරන්න කටයුතු කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය නිලධාරී ජේ.එම්. ලයනල් සඳහන් කරයි.
2026 ජනවාරි මස සිට 2026 ජූනි (12) දක්වා කාලයේදී රියදුරු, කොන්දොස්තරවරුන් 4322 ක් ජංගම රසායානාගාර සේවාවෙන් පරීක්ෂා කර තිබුණ අතර එතනින් 226ක් අයිස්, හෙරෝයින්, ගංජා, කියන මත්ද්‍රව්‍ය වලින් එකක් හෝ කිහිපයක් භාවිතා කරන බවට අනාවරණය වු බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිපඩ් පෙරේරා සඳහන් කරයි.
