Advertisements

ශ්‍රී ලංකා ජාතික නීති ආධාර දිනය ප්‍රකාශයට පත් කිරීම

අවදානමට ලක් විය හැකි කණ්ඩායම් සහ ආන්තීකරණයට ලක් වූ තැනැත්තන් ඇතුළු සියලු පුරවැසියන්ට යුක්තියට ප්‍රවේශ වීම සඳහා පහසුකම් සැලසීමේ අපේක්ෂාවෙන් 1978 අංක 27 දරන නීති ආධාර පනත යටතේ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව පිහිටුවනු ලැබ ඇත.

නීති ආධාර සේවා සැපයීම සහ නීතිය පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම හරහා මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත්, නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහාත්, යුක්තිය වෙත ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම සඳහාත් කොමිසම සැලකිය යුතු දායකත්වයක් දක්වයි.

නෛතික අයිතිවාසිකම් සහ පිළියම් පිළිබඳව මහජන දැනුම්වත්භාවය වැඩිදියුණු කිරීම, නීතිය බලගැන්වීම සම්බන්ධයෙන් ජාතික සංවාදයකට පහසුකම් සැලසීම නීති ආධාර සේවාවන්හි වැදගත්කම පිළිබඳව මහජනතාවගේ අවබෝධය ඉහළ නැංවීම අරමුණ කර ගනිමින් ජාතික නීති ආධාර දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, 1978 අංක 27 දරන නීති ආධාර පනත සහතික කරන ලද ජූලි මස (06) වන දින ‘ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest