රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ලබන (26) වන දින සිට ජුලි (02) වන දින දක්වා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත්කොට ඇති පොසොන් සතිය තුල මිහින්තලේ, මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්චිය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් 04 තුල පිහිටි සියලුම සුරාබදු බලපත්‍රලත් ස්ථාන හෙවත් මත්පැන්හල් එම දිනයන් හිදී වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න දැනුම් දී ඇත.
තවද පොසොන් පුර පසළොස්වක පොහොය දින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්‍රලත් ස්ථාන හෙවත් මත්පැන්හල් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න දැනුම් දී ඇත.
එනම් ලබන (28) වන දින මත්පැන්හල් වසනු ලබන වේලාවේ සිට ජුනි (30) වන දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී ඇත.
එම දිනයන් වල සිය සුරාබදු බලපත්‍රලත් ස්ථාන වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධ තොරතුරු 1913 දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරිය වෙත ලබාදෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.
