Advertisements

අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

මෙරට අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත අද (24) දින ජනාධිපති නීතිඥ පා.ම. ෆයිසර් මුස්තාෆා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙරට දරුවන් සමාජ මාධ්‍ය වේදිකා වෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම මෙම පනතේ මූලික පරමාර්ථය වේ.

වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකාවෙත ප්‍රවේශ වීම වැළැක්වීමට විෂය භාර එනම්, ළමා කටයුතු අමාත්‍යවරයාට නියෝග පැනවීමට මෙම පනත මගින් බලය ලැබේ. 

තවද දරුවෙකුට දිනකට සමාජ මාධ්‍ය භාවිත කළ හැකි කාලය සීමා කිරීමට හෝ භාවිත කළ හැකි නිශ්චිත වේලාවන් නියම කිරීමට මෙමගින් අවස්ථාව උදාවේ.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත්කිරීමට යෝජිතය. 

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදී ඇත.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest