Advertisements

වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි උප සභාපති වහාම ධුරවලින් ඉවත් කරයි

LIVE

වවුනියාව නගරාධිපතිවරයා සහ චාවකච්චේරි නගර සභාවේ උප සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරවලින් ඉවත් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත.

ඒ අනුව වවුනියාව නගරාධිපති ලෙස කටයුතු කළ සුන්දරලිංගම් කන්දීබන්ට ඔහුගේ නගරාධිපති ධුරය සහ සභික ධුරය අහිමි වී ඇත.

චාවකච්චේරි නගර සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ ඥානප්‍රගාසම් කිෂෝර්ට ඔහුගේ උප සභාපති ධුරය සහ සභික ධුරය අහිමි වී ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනයදමේ වන විට නිකුත් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest