ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා බස් රථ 600ක් ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බව ප්‍රවහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව අධීවේගී මාර්ගවල ධාවනය සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් සහ සාමාන්‍ය මාර්ගවල ධාවනය කිරීමට බස් රථ 400ක් ඒ අතරට ඇතුළත් වේ. එම බස් රථ එළඹෙන දෙසැම්බර් මාසය වන විට මෙරටට ලැබෙනු ඇත.
මේ අතර නව මෙට්‍රෝ බස් රථ 104 අගෝස්තු මස (15) වැනිදා වන විට දිවයිනට ලැබෙනු ඇතැයි, ප්‍රවහන සහ මහා මාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
එම බස් රථ වලට කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ පද්ධති සකස් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස (20) වැනිදාට පෙර ධාවනයට යොමු කිරීමට නියමිතය.
