අද (25) උදෑසන අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ පිළිබඳව අනිවාර්යෙන්ම විනය පරික්ෂණයක් සිදුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
සමගි ජන බලවේග පක්ෂයේ වැරදිකරුවන්ට, අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් තැනක් නැති බැවින් විනය පරීක්ෂණ පවත්වා ගන්න තියෙන ලොකුම පියවර ගන්නා බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,
“අනිවාර්යෙන්ම විනය පරීක්ෂණ පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා. මොකද අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක්, තැනක් නැහැ.”
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) දින පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරයි.
