Advertisements

රටේ පොදු ජනයාගේ අරගල වලට කඳුළු ගෑස් පාවිච්චි නොකරපු එකම යුගය මෙයයි

මහජනතාවගේ දේපොළ සොරකම් කරමින් වංචා දූෂණ සිදු කළ අයට දඬුවම් ලබාදීම මේ රටේ පොදු ජනතාවගේ අපේක්ෂාවක් වූ බවත් වත්මන් ආණ්ඩුව එම පොදුජන අපේක්ෂාවට පණ පොවන ආණ්ඩුවක් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනතාව වත්මන් රජයට ලබා දුන් ජනවරමේ හරය වන්නේ ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම බවත් කිසිවෙකුගෙන් පෞද්ගලික පළිගැනීමක් සිදු නොවන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

උද්ඝෝෂණ රැසක් ඇති වී තිබෙනවා. ලංකා ඉතිහාසයේ එක වෝටර් කැනන් එකක් අපේ පාලන කාලය මේ ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නෑ. කඳුළු ගෑස් ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නෑ. මේක එහෙම ආණ්ඩුවක්.

එක් අවස්ථාවකදී මාතරදී බන්ධනාගාරයේ ගැටුමක් ආවා. බන්ධනාගාරය කඩාගෙන යාමට ප්‍රයත්න දැරුවා. ඒ බන්ධනාගාරය තුළට පමණක් සීමා වන පරිදි කඳුළු ගෑස් පාවිච්චි කර තිබෙනවා. එහෙත් රටේ පොදු ජනයාගේ අරගලයට කඳුළු ගෑස් පාවිච්චි නොකරපු එකම යුගය මෙයයි.

වෝටර් කැනන් පාවිච්චි නොකරපු ඉතිහාසය මෙයයි. එහෙම ආණ්ඩුවක් මේක. අපි ප්‍රජාතන්ත්‍රවාදීයි. මිනිසුන් බලගන්වන රාජ්‍යයක් අපිට අවශ්‍යයි. අපිත් ඒක හදන්නේ නැත්නම් අපි දන්නවා කවුරුත් ඒක හදන්නේ නෑ. මිනිසුන්ට පාලකයා ප්‍රශ්න කරන්න ඕන. නිදහස තියෙනවා.

අයිතිය දෙන්න ඕනෙ. රටක් ලෙස ඉදිරියට යාමට නම් මිස්සුන්ට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් ලබා දෙන පාලනයක් අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ගරු කරන රාජ්‍යයක්. ඉතිහාසයේ කොච්චර මාධ්‍යවේදීන්ට තර්ජනය කර තිබෙනවාද.?

කොච්චර මාධ්‍ය ආයතනයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවාද.? දැන් එහෙම නෑ. හැබැයි මේ සියල්ල අතරේ අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ හිමිකම් ලබන පුරවැසියනුත් තමන්ගේ ශිෂ්ටත්වයට පැමිණිය යුතුව තිබෙනවා.”

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest