Advertisements

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්.. 40ක් රෝහලේ

මාතර – තංගල්ල මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත අසලදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

ගාල්ල – අම්පාර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් සහ තංගල්ල මාතර අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක් අද (26) මෙලෙස අනතුරට පත්ව ඇත.

ඒ අනුව බස් රථ දෙකේ ගමන්ගත් පුද්ගලයින් 40ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් ඉන් 25 දෙනෙකු මාතර මහ රෝහලටත් සෙසු පිරිස බතීගම ප්‍රදේශීය රෝහලටත් ඇතුළත් කර ඇත.

මෙම අනතුරට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest