අඛණ්ඩව තුන්වන දිනටත් ඉරානයට එරෙහිව දියත් කළ නවතම ප්රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව අමෙරිකානු හමුදාව සඳහන් කරයි.
ඉරානයේ බුෂෙහ්ර්, චා බහාර්, ජාස්ක්, කොනාරක්, අබු මූසා සහ බන්ඩර් අබ්බාස් යන ප්රදේශවල පිහිටි ඉලක්ක වෙත සාර්ථකව ප්රහාර එල්ල කළ බවද අමෙරිකානු හමුදාව සඳහන් කරයි.
වාණිජ නැව් ගමනාගමනයට ප්රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම ප්රහාරවල අරමුණ වන බවද අමෙරිකානු හමුදාව සඳහන් කරයි.
