කොලොම්බියාවේ සිදුවූ භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇති බවත් 570කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රිච්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයකින් සටහන් වූ මෙම භූකම්පනයේ කේන්ද්‍රය කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටි චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ආසන්නයේ පිහිටා තිබූ බව කොලොම්බියානු භූ විද්‍යා සේවය සඳහන් කරයි.
මෙම භූකම්පනය වසර ගණනාවකට පසු එරටට බලපෑ විශාලතම භූකම්පනය වන අතර මෙම තත්ත්වය හේතුවෙන් කොලොම්බියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
