ළමුන්ට ලබාදෙන එන්නත් සංඛ්‍යාව අඩු කිරීම සඳහා වන නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත.
අමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය (AAP) විසින් දැනට නිර්දේශ කර ඇති ළමා එන්නත් 18ක සංඛ්‍යාව 11 දක්වා අඩු කිරීමට මෙම නියෝගය මගින් නිර්දේශ කරයි.
මෙම නියෝගය අනුව සියලුම ළමුන් සඳහා නිර්දේශිත එන්නත් වන්නේ සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා, ඩිප්තීරියා, ටෙටනස්, පර්ටුසිස් (කක්කල් කැස්ස), පෝලියෝ, හිමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ B (Haemophilus influenzae type B), නියුමොකොකල් රෝගය, මානව පැපිලෝමා වෛරසය සහ වරිසෙල්ලා (වතුර බිබිලි රෝගය) සඳහා වන එන්නත් වේ.
තම පරිපාලනය විසින් වඩාත් බරපතල සහ භයානක රෝගවලට එරෙහි මූලික එන්නත් 11ක් සඳහා වන ඉහළම ප්‍රමිතියෙන් යුත් ළමා එන්නත් නිර්දේශ පිළිගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
MMR එන්නත එකවර ලබා දුනහොත් එය “ඉතා මාරාන්තික” විය හැකි බවත් එය දරුවෙකුගේ ශරීරයට සෝඩා බෝතලයක් වත් කිරීමට සමාන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
“එන්නත් අඩු කරනවා” යන එයින් අදහස් වන්නේ, එන්නත් හෝ ‘ජැබ්’ (jabs) ලෙස හැඳින්වෙන එන්නත් කිරීම් සංඛ්‍යාව අඩු කිරීම පමණක් නොව, ඒවා වෛද්‍යවරයා හමුවන අවස්ථා කිහිපයක් තුළ ලබාදීමයි.
MMR එන්නත්වල ආරක්ෂාව පිළිබඳව දිගු කලක් තිස්සේ සැක මතු කර තිබුණද, එම එන්නත් සහ ඔටිසම් රෝගය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව විවිධ අධ්‍යයන වලින් තහවුරු වී ඇත.
