අමෙරිකානු හමුදාවන්ගේ සම්පූර්ණ පාලනය යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවකදී සඳහන් කරයි.
කෙසේ වෙතත් හෝමූස් සන්ධිය යළි විවෘත කිරීමට නම්, අමෙරිකානු යුද්ධය සහ අවහිර කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බවත් අත්හිටුවන ලද ඉරාන වත්කම් මුදා හැරිය යුතු බවත් කලාපීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට ඉරානය කොන්දේසි පනවා ඇත.
මේ අතර අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් ඉරාන වරායක් වෙත ගමන් කිරීමට උත්සාහ කළ පැනමා කොඩිය යටතේ ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මිසයිල දෙකක් අමෙරිකානු හමුදා විසින් එල්ල කර ඇත.
