වහාම ක්‍රියාත්මක වන පරිදි සිය නියමුවන් තහනම් උත්තේජක භාවිත කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ Air India සමාගම විසින් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
පුකෙට් සිට දිල්ලි බලා පියාසර කළ ගුවන් යානයක් ක්ෂණිකව පහළට ඇදී යාමේ සිදුවීමක් හේතුවෙන් Air India සමාගම මෙම තීරණය ගෙන ඇත.
එහි සිටි ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවා තහනම් ද්‍රව්‍ය පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී ඔහු ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය වන අවස්තාවේදි ගුවන් යානයේ මගීන් 137 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු සිට ඇති අතර එහිදී මගීන් 20 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇත.
මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය අවසන් වන තුරු එම ගුවන් යානයේ නියමුවන් දෙදෙනාම රාජකාරිවලින් ඉවත් කර ඇත.
ඒ අනුව ගුවන් සමාගමේ ගුවන් සේවා අංශයක් වන Air India Express හි නියමුවන්ට ද එම තහනම් උත්තේජක භාවිත කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර ඇත.
මෙම පරීක්ෂණ Air India ඇකඩමියේ පුහුණු සැසිවලට සමගාමීව මෙන්ම, ගුවන් නියමුවන් දැනුවත් කරන මධ්‍යස්ථාන සහ කාර්යාල ඇතුළු තවත් ස්ථාන කිහිපයකදීම සිදු කරයි.
