යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර 600ක් පමණ ඊයේ රාත්‍රීයේ එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ඩ්‍රෝන ප්‍රහාර 180කට අධික ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඉලක්ක වෙත පතිත වී ඇති අතර තවත් විශාල ප්‍රමාණයක් විනාශ කළ බව මොස්කව් නගරාධිපතිවරයා සඳහන් කර ඇත.
මේ අතර මෙම ප්‍රහාර සඳහා යොදාගත් ඩ්‍රෝන සියල්ල බ්‍රිතාන්‍ය රජය විසින් යුක්‍රේනය වෙත ලබාදී ඇති බව රුසියාව චෝදනා කරයි.
පසුගිය වසර දෙකක කාලය තුළ මොස්කව් අගනුවර වෙත එල්ල වූ දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාර මාලාව මෙය වන බව සඳහන් වේ.

