මේ වනවිට මැදපෙරදිග පවතින යුද ගැටුම් තවමත් අවසන් වී නොමැති බැවින් ඉන්ධන නිකුත් කරන “QR” ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඉන්ධන නිකුත් කිරීමට “QR” ක්‍රමවේදය යොදුවත් ඉන්ධන පරිභෝජනය අඩුව ඇත්තේ යම් සීමාවකින් පමණක් බවත් ජන ජීවිතය අඩාල නොවන පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තවදුරටත් මෙම ක්‍රමවේදය භාවිත කරන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“යුදමය තත්ත්වය තවම අවසන් වෙලා නෑ. ඔබ දන්නවානේ හෝමූස්වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තෙල් බැරල් මිල ඉහළ යනවා ටිකක් අඩු වෙනවා. තෙල් අර්බුදය තවම විසඳිලා නෑ.
රටක් හැටියට දෛනික ජන ජීවිතය අඩාල නොවන ආකාරයට උපරිම වශයෙන් පවත්වාගෙන යාමට තමයි මේ තත්ත්වය උපයෝගී කරගෙන තිබෙන්නේ. මම කළිනුත් කිව්වා තෙල් මිල වැඩිවෙලාත්, QR කෝඩ් එක දාලාත් ඩීසල් අඩුවෙලා තියෙන්නේ 10%යි.
පෙට්‍රල් අඩුවෙලා තියෙන්නේ 9%යි පරිභෝජනය. අත්‍යවශ්‍යමය කොටස්වලට ලබා දෙනවා. මම හිතන්නේ තව ටික කාලයක් තෙල් සංස්ථාව කියාවි අපිට මේ විදිහට යන්න සිදුවෙයි කියලා.”
