LIVE
පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ශිරාන් බාසික් නැමැත්තා තවත් තොරතුරු අනාවරණය කර ඇත.
ඒ අනුව රැඳවුම්භාරයේ සිටින ශිරාන් බාසික් නැමැත්තාට ස්විට්සර්ලන්තය, ඉතාලිය හා ප්‍රංශය යන රටවල හෝටල්, වාහන ඇතුළු දේපල තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.
ශිරාන් බාසික් නැමැත්තා අදාළ රටවල සංචාරය කරමින් එම ව්‍යාපාර කටයුතු මෙහෙයවා ඇති බව පොලීසිය සඳහන් කරයි.
තවද මෙම සැකකරුට ඩුබායි හි රුපියල් කෝටි එකහාමාරකට අධික වටිනාකමින් යුත් ජිප් රථයක්ද ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත.
