LIVE
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බව අල්ලස් කොමිසම විසින් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දී ඇත.
එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
ඇප මත මුදාහැර සිටින එස්.එම්. චන්ද්‍රසේන අද දින විවෘත අධිකරණයේ පෙනී සිටි අතර නියමිත දින මහාධිකරණයේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියෝග කර ඇත.
