Advertisements
Advertisements

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 170ක්

LIVE

වත්මන් ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159ක් සිටින බවත් එයට දෙමළ සන්ධානය ඇතුළු තවත් මන්ත්‍රීවරුන් එකතු වු විට මන්ත්‍රීවරුන් 170ක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ,

දැන් අහනවා මගෙන් මොකද වෙන්නේ. ජනමත විචාරණයකට යනවද.? නැත්නම් 3න් 2කද.? මම කීවා තුනෙන් දෙකක් නෙමෙයි, තුනෙන් දෙකටත් වැඩිය පාර්ලිමේන්තුවේ ඉන්නවා.

159ක් ඉන්නවා. ඒ 159ට තව දෙමළ සන්ධානය හේත්තු වුණොත් 165ක් වෙයි. තවත් අය හේත්තු වුණොත් 170ක් වෙයි. එනිසා ජනමතය දෙනකොට බෙදලා හදලා දෙන්න.

බෙදලා හදලා නොදීපු හින්දා රැල්ලට ගහපු ගැහිල්ල නිසා තමයි මේක, 3න් 2ක් කියලා කිවුවත් ජනමත විචාරණයකට යන්න ඕන නෑ 3න් 2ක් කියලා තිබ්බත් 140ක් දීලා තිබ්බනම් ආණ්ඩුවට හුප්පේ.

නමුත් මේ ආණ්ඩුව 159ක් තියාගෙන ඉන්නේ. දැන් අපි ආණ්ඩුවේ ඉන්නේ විපක්ෂයේ. ඉස්සරහින් 125ක් වාඩිවෙලා ඉන්නවා. අපිට පිටිපස්සෙන් ඉතුරු ටික වාඩිවෙලා ඉන්නවා. ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයට වැඩිය, විපක්ෂ පැත්තෙත් වාඩිවෙලා ඉන්නේ ආණ්ඩුවේ අය.

ගාල්ල පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මේ බව සඳහන් කරයි

0 Comments
Most Voted
Newest Oldest