පෙට්‍රල් සහ ඩීසල් සහ භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල එකවර පහළ දැමීමේ හැකියාවක් නොමැති බවත් ජනතාවට සහන ලබාදිය හැකි පළමු අවස්ථාවේදීම එම සහන ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඉන්ධන මිල ගණන් පහළ දැමීම සඳහා පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් රජය කටයුතු කරමින් සිටින බැවින් එළඹෙන මාසයේදී ඉන්ධන මිල තවදුරටත් පහළ දැමීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මැදපෙරදිග පවතින අර්බුදය හේතුවෙන් ලෝකයේම සෑම තැනකම ඉන්ධන මිල ඉහළ දැමු බවත් එනිසා ලංකාවේ ඉන්ධන මිල ඉහළ දැමුවද, ඉන්ධන මිල ගණන් අඩු කිරීමට හැකි සෑම අවස්තාවකම ඉන්ධන මිල අඩු කරන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ලබන මාසය වනවිට පවතින තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වුවහොත් පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් තවදුරටත් අඩු කිරීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“අපි කොහොමත් ලබන මාසය වනවිට මෙම තත්ත්වය සමහන් වුණොත් අපිට සියල්ලගේම මිල අඩු කරන්න පුළුවන්කම ලැබේවි කියා බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව තියෙන්නේ, රජය කටයුතු කරමින් යන්නේ ඉන්ධන මිල සියල්ලම පහත දැමීම සඳහා. ඉන්ධන මිල යම් ප්‍රමාණයකට පහත දැම්මාට ඒහා සමානව, ඊට සාපේක්ෂව භාණ්ඩ හා සේවාවල මිලත් යම් ප්‍රමාණයකට අඩුවේ කියලා රජය බලාපොරොත්තු වෙනවා.”
