මහ පාරට පාට තුනයි.. වාහන අංක තහඩු වෙනස් වෙයි

LIVE

සියලු විද්‍යුත් වාහන සඳහා කොළ පාට පසුබිම සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

විද්‍යුත් වාහන සඳහා නිකුත් කරන කොළපාට අංක තහඩු නීත්‍යානුකූල බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු සඳහන් කරයි.

අනෙකුත් සෙසු වාහන සඳහා සුදු සහ කහ වර්ණය සහිත අංක තහඩු නිකුත් කෙරෙන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු සඳහන් කරයි.

ලියාපදිංචි කරන ලද වාහන 88,740ක නව අංක තහඩු සකස් කර අවසන්ව ඇති බවත් 2026 ජුනි (10) වැනිදා සිට 2026 අගෝස්තු (31) වැනිදා දක්වා ලියාපදිංචි කළ අංක තහඩු 56,233 ක්ද ඒ අතර වන බවද සඳහන් කරයි.

තවද, පසුගිය 2023 හා 2024 වසර දෙක තුළ ලියාපදිංචි කළ වාහන 32,507 ක අංක තහඩුද සකස් කර අවසන්ව බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු සඳහන් කරයි.

අදාළ වාහන හිමිකරුවන්ට දැනුම් දෙන්නේ, නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණ තම වාහන අංක තහඩු ලබා ගන්නා ලෙසද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest