රාවතාවත්තේ වෙඩිතැබීමක්

LIVE

අද (09) රාත්‍රියේ මොරටුව, රාවතාවත්ත එමානුවෙල් මාවත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර මෙම වෙඩිප්‍රහාරය එල්ල කර පලාගොස් ඇත.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලීසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?