විශාල මුල්‍ය වංචාවක්.. නිල නොලත් කුට්ටි කට්ටි පනියි

LIVE

ඌව ප්‍රග්ධන බැංකුව නමින් මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ඒ හරහා විශාල මුල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට නීතිවිරෝධි වත්කම් ⁣විමර්ශන කොට්ඨාශය විසින් (08) දින පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී ඇත.

එහෙත් එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ නැත.

නැවත වෙනත් දිනයක හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කැඳවීමට පියවර ගන්නා බවත් දිගින් දිගටම ප්‍රකාශ ලබාදීම මඟහැරීමක් සිදුවුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අතර ලබන (12) වැනිදා අනුරාධපුරයේදි පැවැත්වීමට නියමිත රැළියේදී නීතිවිරෝධි වත්කම් ⁣විමර්ශන කොට්ඨාශය විසින් තමන්ට කැඳවීමක් සිදුකර ඇති බවට රැළිය අමතමින් ප්‍රකාශයක් සිදුකිරීමට තිස්ස කුට්ටිආරච්චි සූදානමින් සිටින බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?