රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව අද (09) දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී ඇත.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකාර හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
මෙම නඩුව අද (10) දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.
මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාවක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එම අවස්ථාවේදී විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාරදීම සිදුවුණි.
කෙසේ වෙතත් අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු එක් එක් විත්තිකරු රුපියල් 50,000/- බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
