ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් (Fitch) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම (Long-term foreign-currency default rating) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා ඇති බව සඳහන් කරයි.
බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කර ඇති ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පදනම් කරගනිමින් මෙම ණය ශ්‍රේණි උසස් කිරීම සිදු කර ඇති අතර එහි අපේක්ෂාව (Outlook) ස්ථාවර මට්ටමක පවත්වා ගෙන ඇත.
“බාහිර මූල්‍ය අවදානම් ලිහිල් කර ඇති සහ කම්පනවලට එරෙහිව යම් ඔරොත්තු දීමේ හැකියාවක් සපයන, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් අනාවරණය වන සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මෙම ණය ශ්‍රේණි උසස් කිරීම මගින් පිළිබිඹු වේ”
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ තවදුරටත් ඉහළ මට්ටමක පවතින ණය සහ ණය සේවා අනුපාතික මෙන්ම, විදේශ විනිමය සංචිත තවමත් මධ්‍යස්ථ මට්ටමක පැවතීම යන සාධක රටේ ණය පැතිකඩට තවදුරටත් බාධාවක් වී ඇති බව එම ආයතනය සඳහන් කරයි.
