නව මහාධිකරණ විනිසුරුවරුන් පත් කෙරේ

LIVE

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර ඇත.

ඒ අනුව යාපනය දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන පෙරුමාල් සිවකුමාර්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරිනියක වන ආනන්දි කනගරත්නම් සහ කොළඹ දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන ඤාණේස ලලිත් කන්නන්ගර මෙසේ නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (23) පෙරවරුවේ ඔවුන් වෙත භාරදෙන ලදී.

0 Comments
Most Voted
Newest Oldest